මාධ්‍යවේදියෙකු පැහැරගෙන ගොස් වධහිංසා දුන්නැයි සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හා ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පැය 4කට අධික ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
මෙම සිදුවීමට සම්බන්ධ මාධ්‍යවේදියා රෝහල්ගත වීමට ප්‍රථමව චතුර සේනාරත්න මහතාගේ කාර්යාලයට පැමිණ ඇති අතර ඊට පසුව රාජිත සේනාරත්න මහතාද එම ස්ථානයට පැමිණ ඇති බව මූලික පරීක්ෂණවලදී අණාවරණය වී තිබේ.