සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර අංශය හදුනා ගන්නා රෝගීන් හය දහසක් පමණ, වසංගත අංශයට හදුනා ගැනීමට නොහැකිව තිබෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසයි.
මේ වන විට හදුනාගෙන ඇති කොවිඩ් ආසාධිතයින් ප්‍රමාණය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන දෙකකින් නිකුත් වන සංඛ්‍යා ලේඛන පරස්පර බවද ඔහු පවසයි.
2021.02.11 දින, වසංගත රෝග අංශය නිල නිවේදන වලට අනූව, දැනට හදුනාගෙන ඇති අසාදිතයින් සංඛ්‍යාව 73, 116 කි. රසායනාගාර සේවාවේ වාර්ථාවලට අනුව, පළමු වරට තහවුරු කරන ලද ආසාදිතයන්ගේ සංඛ්‍යාව 77, 775 ක් බව ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව ඊයේ දිනය වන විට පමණක් රෝගීන් 4659ක් පිළිබඳව තොරතුරු නොමැති බවත් රසායනාගාර සේවාවේ දත්තයන්ට අනුව 2021.02.11 වෙනි දිනට නිදර්ශක 1912000 පමණ ලැබී ඇති බවත් ඔහු පවසයි.
එයින් රෝගීන් අතට වාර්තා ලැබී ඇත්තේ 1896000 පමණ බවත් නිදර්ශක ලබාදී, තවදුරටත් පරීක්ෂණ වාර්තාවක් අපේක්ෂවෙන් සිටින සංඛ්‍යාව 15000 කට වැඩි බවත් ඔහු පෙන්වා දෙයි.
තත්ත්වය එසේ වුවත් වෛද්‍ය පර්යේශණ ආයතනයේ හැර, වෙනත් කිසිදු රසායනාගාරයක, පැය විසි හතරකට වඩා ප්‍රමාදවූ නිදර්ශක නොමැති බවද ඔහු වැඩිදුරටත් පවසයි.
රවී කුමුදේශ්