www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
රැකියා විරහිත උපාධිධාරීන් රජයේ රැකියාවලට බඳවා ගැනීම සඳහා අයවැයෙන් මුදල් වෙන්කරන බවට මුදල් අමාත්‍යාංශ බලධාරීන් අද (27දා) පොරොන්දු වූ බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව රැකියා ඉල්ලා මහපාරේ සිදු කළ සටන් මාර්තු 05 වැනිදා තෙක් නවතා දමන බවද එම සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියෝ අවධාරණය කළහ.
රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා අද(27දා) කොළඹ ගාලුමුවදොර පිටියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක් පැවැත්විණි.
එහිදී මුදල් අමාත්‍යාංශ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට විරෝධතාවේ නිරත වූ 05 දෙනෙකුට අවස්ථාව හිමි විය.
මෙම සාකච්ඡාවේදී උපාධිධාරීන්ට රැකියා ලබාදීමට අදාළව මුදල් වෙන්කරන බවට බලධාරීන් පොරොන්දු වූ බවද තැන්නේ ඥානානන්ද හිමියෝ පවසා සිටියහ.
අයවැය ලේඛනය මාර්තු 05 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත්, එම ලේඛනය තුළින් මුදල් වෙන් නොකළොත් කොළඹ මූලික කර ගනිමින් අඛණ්ඩව විරෝධතා ව්‍යාපාර හා විවිධ ක්‍රියාමාර්ග දියත් කරන බවත් එහිමියෝ අවධාරණය කළහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd