පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන කොට්ඨාසය හොරණදී වැටලීමක් සිදුකර හොරොයින් වර්ගයේ මත්කුඩු කිලෝ ග්‍රෑම් 45ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
ලද තොරතුරක් මත වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී රුපියල් කෝටි 45කට අධික වටිනාකමින් යුත් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදා වෑන් රථයක් ලෙස හැගෙන පරිදි මෙම වෑන් රථය යොදාගෙන ඇති අතර එහි රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා යුද හමුදාවට අනියුක්තව සිටින පුද්ගලයෙක් බවත් ඔහු යුද හමුදා නිල ඇඳුමෙන්ම සිට ඇති බවත් මාධ්‍ය ප්රකාශකයවරයා පැවැසීය.
වෑන් රථයේ ගමන් කළ තවත් පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු යුද හමුදාවෙන් පළාගිය ලාන්ස් කෝප්‍රල්වරයෙක් වෙයි.
මේ පිළිබඳව වලාන දූෂණ මර්ධන කොට්ඨාසය සමග මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.
වෑන් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති බවත් මාස දෙකක කාලයක් තුළ අත්අඩංගුවට ගත් මහා පරිමානයේ 4 වැනි මත්ද්‍රව්‍ය තොගය මෙය බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.