රුපියල් එක් කෝටි හැටතුන් ලක්ෂ හතලිස් හතර දහස් එකසිය හැත්තෑ නවයක් වටිනා ස්වර්ණාභරණ සහ රත්තරන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් නව දෙනෙකු ඊයේ(19) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
මොවුන් කොළඹ මරදාන , මීගමුව , සීදුව , හලාවත සහ මහනුවර යන ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති .
මෙම පිරිස ඊයේ දින රාත්‍රී සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන ගුවන් යානයෙන් සහ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මලු වල මෙම කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 974 ක් බර අර්ධ වශයෙන් වැඩ නිම කළ ස්වර්ණාභරණ තොගයක් සහ රත්තරන් බිස්කට් තොගයක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි .
නටුනායක - කේ.පි. කපිල