යූරියා පොහොර මිටියක සඳහන් කර ඇති උපරිම මිල සීමාව ඉක්මවා අලෙවි කරන වෙළෙඳුන් හෝ බෙදාහරින්නන් අරඔයා වෙළෙඳපොළ වැටලීම් කරන ලෙස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පසුගියදා අමාත්‍යාංශයේදි පැවැති සාකච්ඡාවකදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පරිහානියට පත් වීමට වසර ගණනාවක අසාර්ථක කෘෂිකාර්මික ප්‍රතිපත්ති හා තාක්ෂණික ක්‍රම හේතු වූ බව වෙළෙඳ අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
ශ්‍රී ලංකා රේගුවේ දත්ත මත පදනම්ව යූරියා මිටියක වෙළෙඳපොළ මිල සකසන ලෙසට හා ඔවුන්ගේ ගබඩා කර ඇති පෙහොර ප්‍රමාණයන් පිළිබද දත්ත රැස් කරන ලෙසත්, එම ගබඩා වලට ගොස් නිරීක්ෂණය කරන ලෙසත් අමාත්‍යවරයා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී.
පසුව ඒ පිළිබදව කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුවත් කිරීමටහා එම තොරතුරු කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා පැවැසීය.
වෙළෙඳපොලේ යූරියා මිටියක විකුණුම් මිලට වඩා විශාල මුදලකට අලෙවි වන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළ බව පෙන්වා දුන් වෙළ ඳ අමාත්‍යවරා ඒ සඳහා හේතු වූයේ පසුගිය දිනයක පෙහොර නැව ලංකාවට ලඟා වීම ප්‍රමාද වීම බවයි.
මෙම ප්‍රමාද වූ නැව එළඹෙන සතිය තුළදී දිවයිනට ලගා වන බවත්,ඒ අනුව වෙළෙඳපොළ අවශ්‍යතාවය සපුරා ලීමට ප්‍රමාණවත් තරම් යූරියා පොහොර ප්‍රමාණයක් පවතින බවට පොහොර ආනයනකරුවන් අමාත්‍යවරයා හමුවේ පවසා සිටියේය.
යල කන්නයේ යූරියා පොහොර අවශ්‍යතාවය ටොන් 80,000 ක් වන අතර මේ වන විට ඉන් 20,000ක් පමණ බෙදා හැර ඇති බව පොහොර ආනයනකරුවන් පවසා සිටින ලදී. මේ වන විට වෙළෙඳපොළ පොහොර ඉල්ලුමෙන් 60% පමණ අඩු වී ඇති බවද ඔවුන් පවසා සිටින ලදී.