යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (06දා) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.
ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ශ්රී ලංකා යුද හමුදාවේ 24 වන යුද හමුදාපති ලෙස පත්වීමෙන් පසුව ඔහු නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරතවූ ප්රථම අවස්ථාව මෙය වන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාපති සහ යුද හමුදාපති අතර පැවති සුහද පිළිසඳරකින් අනතුරුව නව ධූරයේ ඉදිරි කටයුතු සඳහා නාවික හමුදාපති විසින් සුභපැතුම් පිරිනමන ලදි.


