රුසියානු හමුදා යුක්රේනයේ කියෙව් නුවර වෙත එල්ල කර ඇති ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගිය අතර, එය යුක්රේන අගනුවරට එල්ල වූ "දැවැන්තම ප්‍රහාරය" බව කියෙව් නගරාධිපතිවරයා විස්තර කර තිබේ.
නගරාධිපති විටාලි ක්ලිට්ෂ්කෝ මෙම ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සිකුරාදා ශෝක දිනයක් ප්‍රකාශයට
පත් කළ අතර පුද්ගලයින් 90 දෙනෙකු පමණ තුවාල ලැබූ බව පැවසීය. ප්‍රහාරවලට ලක් වූ ස්ථාන අතර ගිලන් රථ
ස්ථානයක් ද ඇති බව ඔහු පැවසීය.
ෙයුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි රුසියාව ප්‍රහාරයක් සූදානම් කරන බවට අනතුරු ඇඟවීමෙන්
පැය කිහිපයකට පසු මෙම ප්‍රහාර එල්ලව තිබේ.

