පැවති අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ 2 සංචාරකයින් සඳහා ලබන 16 වන දින සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.
අධික වියළි කාලගුණය හමුවේ වන සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ උද්‍යානයේ මාර්ග පද්ධතියේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා ඉකුත් සැප්තැම්බර් මස 14 වන දින මෙම කලාප දෙක තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණි.
උද්‍යානය යළි විවෘත කිරීමත් සමඟ සංචාරකයින් සඳහා වනජීවී සංචාරක නිවාස සහ කඳවුරු බිම් වෙන් කරගැනීමේ පහසුකම නොවැම්බර් මස 01 වන දින සිට හිමිවන බව ද වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.