යාල වනෝද්‍යානය තුළ දී වන සතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
වාහනවලින් ගොස් වනසතුන්ට හිරිහැර වන පරිදි හැසිරුණු පුද්ගලයින් සම්බන්ධව වහාම නීතිමය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.
එම පුද්ගලයින් පිළිබඳ සියලු තොරතුරු, ඔවුන්ගේ හැඳුනුම්පත් අංක, ලිපිනයන් හා වාහන අංක මෙන්ම අනිසි හැසිරීම් සනාථ කළ හැකි සියලු සාක්ෂි වනජීවී දෙපාර්තමේන්තුව සතු බව අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව එම පුද්ගලයින් සියලු දෙනාට එරෙහිව නඩු පැවරීමට තීරණය කළ බව වනජීවී අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබන්ඩාර මහතා පැවසීය.