උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සිට ජූලි 18 වෙනි දින වන විට යාල වනෝද්‍යානයේ කටගමුව හරහා බැතිමතුන් 27,180 පිරිසක් පැමිණ ඇති බැව් යාල වනෝද්‍යාන භාරකරු ඒ.ටී.ආර් රවීන්ද්‍ර මහතා පැවසීය.
18 වෙනිදා පමණක් ශ්‍රී ලාංකික වැඩිහිටි පිරිමි - 1,096,ශ්‍රී ලාංකික වැඩිහිටි කාන්තාව - 813,ශ්‍රී ලාංකික පිරිමි දරුවන් - 324,ශ්‍රී ලාංකික ගැහැණු දරුවන් - 204,ශ්‍රී ලාංකික පූජක (භික්ෂූන්) පිරිමි - 02,විදේශීය වැඩිහිටි පිරිමි – 02.
ඒ අනුව දහ අටවෙනි දිනට පැමිණි බැතිමතුන් ප්‍රමාණ 2,442 කි.
පාගමනින් පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පිරිසිදු පානීය ජලය,ආහාර පාන ආදිය සහ සනීපාරක්ෂක පහසුකම් සැලසීමට සියලු කටයුතු සිදුකළ බැව් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මොනරාගල සුමනසිරි ගුණතිලක
