යාල අභයභූමියෙ 1,3,4 සහ 5 කලාප මාරු ක්‍රමයට මාස 3 ක කාලයක් වසා තැබීමේ ක්‍රමයක් හඳුන්වා දීමටත් එය යාල 1 කලාපයෙන් ආරම්භ කිරීමටත් යාල උපකමිටු ප්‍රගති සමාලෝචන වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරයි.
මීට අමතරව පෙ.ව.6.00-පෙ.ව.10.00 සහ ප.ව.2.00-ප.ව.6.00 යන කාල පරාස තුළ අවම වශයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රථ 2ක් ජංගම මුර සේවයේ යෙදවීමටත් අළුයම සහ සවස් කාලයේ වනෝද්‍යානයට ඇතුළුවන වාහන සඳහා අවසර පත්‍ර නිකුත් කිරීම වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කිරීමටත් තීරණය කර තිබේ.
යාල 1 කලාපයට ඇතුලත් වන වාහන සංඛ්‍යාව ක්‍රමානුකූලව අවම කිරීමට වැඩසටහනක් දී ඇති අතර ඊට සමගාමීව යාල කලාප අංක 3,4,5 හි වන සතුන් නැරඹීම විධිමත් කිරීම සහ ආසන්න ජාතික උද්‍යානයන් සංවර්ධනය කිරීමටත් තීරණය කර තිබේ.
සංඛ්‍යාත්මකව ගත් කල, 2008 වර්ෂයේදී 43,368 ක් වූ යාල නැරඹීමට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2015 වන විට 545,007 දක්වා වර්ධනය වී ඇත.
එය අවුරුදු 7 ක් තුළ 1000% ක වර්ධනයකි. ඒ අනුව දිනකට වාහන 250 කට ආසන්න ප්‍රමාණයක් වනෝද්‍යානය තුළට ඇතුල් වන අතර, මෙම ප්‍රමාණය නිවාඩු දින වලදී 700 කට වඩා ඉහළ යයි.
