හින්දු බැතිමතුන්ගේ ප්රධානතම ආගමික චාරිත්රයක් වූ සෙල්ල කතරගම වන්දනාව වෙනුවෙන් මෙවරද උතුරේ හින්දු බැතිමතුන්ගේ පාදයාත්රාව යාපනයේ තොණ්ඩමනාරු ශ්රී සෙල්වසන්නදී මුරුගන් හින්දු කෝවිලෙන් ආරම්භ විය.
යාපනයේ සිට කතරගම දක්වා ගමන් කරන හින්දු බැතිමතුන් පාද යාත්රාව පුරා දින 56 ක් තිස්සේ පාගමනින් ගමන් කොට කතරගම දක්වා පිවිසීමට මෙම හින්දු බැතිමතුන්ගේ බලාපොරොත්තුව වෙයි.
වසරක් පාසා මෙලෙසින් උතුරේ සිට කතරගම දක්වා හින්දු බැතිමතුන් පාද යාත්රාව සිදුකරන අතර මෙවර පාද යාත්රාව වෙනුවෙන් බැතිමතුන් ගැහැනු පිරිමි දෙපාර්ශවයෙම 57 දෙනෙකු සහභාගී වී සිටිති.
මේ අතර සෙල්ලකතරගම දක්වා ආරම්භ කොට ඇති පාද යාත්රාවේ ගමන්කරන බැතිමතුනගේ ආහාර ඇතුලු පහසුකම් රැසක් ලබාදීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, කිලිනොච්චිය, මුලතිව් සහ වන්නි ආරක්ෂක සේනා මූළස්ථානයන්හි යුදහමුදා නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
කතරගම පාදයාත්රාවේ ආරම්භක අවස්ථාවේද යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි 52 සේනංකාධිපති අධීක්ෂණයෙන් එහි නිලධාරීන් විසින් සංග්රහයක් ලබාදීමටද පියවර ගෙන තිබූ අතර ඊට අමතරව ඒ-9 මාර්ගය ඔස්සේ පාදයාත්රාවේ ගමන්කරන බැතිමතුන් වෙනුවෙන් ආහාර ඇතුලු පහසුකම් ලබාදීමටද යුද හමුදාව පියවර ගෙන තිබුණි.


