යාපනය පොලිස් බල ප්‍රදේශයේ පාසෙයිඌර් ප්‍රදේශයේ ඊයේ (05දා) සවස නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් නිවස සම්පූරණයෙන්ම විනාශ වී ඇති බවට පොලීසිය පවසයි.
පාසෙයිඌර් ප්‍රදේශයේ දෙවන හරස් වීදියේ අදාල නිවස පිහිටා තිබූ අතර නිවසේ එකවරම ගින්නක් ඇතිව තිබෙන අතර එම අවස්ථාවේදී නිවැසියන් බැහැරව ගොස් තිබී ඇත.
අනතුරුව ගින්න සීග්‍රෙයන් පැතිර ඇති අතර ගින්න නිවා දැමීමට ප්‍රදේශවාසීන් උත්සහ ගත්තද එය අසාර්ථක වීමෙන් පසුව යාපනය මහනගරසභා ගිනි නිවීමේ ඒකකය වෙත දැනුම් දී ගිනි නිවීමේ ඒකකය විසින් අදාල ස්ථානයට පැමිණ ගින්න නිවා දැමුවද ඒ වන විටත් නිවස සම්පූරණයෙන්ම විනාශ වී තිබුණි.
ගින්න ඇති වීමට හේතුව මෙතක් අනාවරනය වී නොමැති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න ඇති වන්නට ඇතැයි පොලීසිය සැක පල කරයි.
ගින්න හේතුවෙන් නිවසේ නවතා තිබූ නව යතුරුපැදියක්ද විනාශ වී ඇති අතරම නිවසේ තිබූ බඩු බාහිරාදිය සියල්ලක්ද ගින්නෙන් විනාශ වී ඇති බවට පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය වැඩිදුරත් පැවසීය.


