යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විසින් විශ්වවිද්‍යාල පාලනාධිකාරියට එරෙහිව විශ්වවිද්‍යාලයේ ගෙට්ටු අගුලු දමමින් විරෝධතාවක් අද (17දා) උදෑසන දියත් කිරීම හේතුවෙන් දෛනික කටයුතු වලට බාධා එල්ල විය.
යාපනය විශ්ව විද්‍යාලයට ඇතුලු වන ප්‍රධාන ගේට්ටුවට අගුලු දමමින් විශ්වවිද්‍යාලයට පිවිසෙන මාර්ගයේ හිඳගනිමින් සිසුන් පිරිසක් විසිින් මෙලෙස විරෝධථාවයේ නිරත වී සිටියහ.
2022 වර්ෂය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ නිලවරනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් නොපැවත්වීම හේතුවෙන් පැරණි මහාශිෂ්‍ය සංගමය විසින් එක්ව නිලවරනය පවත්වා මහාශිෂ්‍ය සංගමයට නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට පියවර ගෙන තිබුණි.
නමුත් මහාශිෂ්‍ය සංගමයේ නව නිලධාරී සිසුන් පත්කිරීමේදී විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් මැදිහත් නොවීම හේතුවෙන් අදාල නිලධාරී සිසුන් පිළිනොගන්නා ලෙසට පාලනාධිකාරිය විසින් සිසුන්ට දැනුම්දීම හේතුවෙන් මෙලෙස විරෝධතාවය පැවත්වීමට හේතූ වී ඇත. විරෝධතාවයේ නිරත වූ සිසුන් විසින් පාලනාධිකාරියට බලකරමින් පවසා සිටියේ සිසුන් විසින් මහා ශිෂ්‍ය සංගමයට පත්කරගන්නා නිලධාරීන් වහාම පිළිගන්නා ලෙසටය.
විශ්ව විද්‍යාලයට පිවිසෙන ප්‍රධාන ගෙට්ටුවට අගුල් දමා සිසුන් පිරිසක් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් අධ්‍යාපනික කටයුතු සඳහා පැමිණි සිසුන් විශාල පිරිසකට විශ්වවිද්‍යාල භූමියෙන් එපිට සිටීමට සිදුවූ අතර පාලනාධිකාරියේ නිලධාරීන් පැමිණ සිසුන් සමග මේ වන විට සාකච්ඡාවක් පවතිවමින් සිටියි.





