යාපනය ගුවන් තොටුපොළේ ගුවන් ගමන් 10 දා සිට
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර වාණිජ ගුවන් සේවා නොවැම්බර් 10 සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
එයාර් ඉන්දියා ගුවන් සේවයට අනුබද්ධිත එලායන්ස් එයාර් විසින් නිශ්චිත කාලසටහනකට අනුව ගුවන් සේවය ආරම්භ කිරීමට නියමිතය.
එම සමාගම දෛනික ගුවන් සේවාවක් මෙම ගුවන් තොටුපොළ දෙක අතර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ දේශීය ගුවන් සේවයක වන ෆිට්ස් ඒවියේෂන් (පුද්) සමාගම ද යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ ඉන්දියාවේ තිරුචිරප්පල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපල (TRZ) අතර සතියකට ගුවන් සේවා තුනක් නොවැම්බර් 10 සිට ක්‍රියාත්මක කිරීමටත් නියමිතය
යාපනය සහ චෙන්නායි අතර ගුවන් සේවය විනාඩි 32 ත් 50 ත් අතර කාලයක් ගතවනු ඇත.
ටිකට්පත් වෙන්කරවා ගැනීමේ නියෝජිත ආයතන හරහා ජනතාවට ඔවුන්ගේ ගුවන් ටිකට්පත් අදාළ වෙබ් අඩවි වලින් වෙන් කරවා ගත හැකිය. වීසා ඉන්දියාවේ මහ කොමසාරිස් යාපනය යටතේ පිහිටි කොන්සියුලර් කාර්යාලයෙන් ලබා ගත හැකිය.
ඩේලි මිරර් ඇසුරෙනි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

