යාපනය හා චෙන්නායි අතර ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කරමින් චෙන්නායි සිට ඉන්දියාවේ ඇලියාන්ස් එයාර් සමාගමට අයත් ගුවන් යානයක් යාපනය ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
අද සිට සතියකට දින 4ක් මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ යාපනය ගුවන් තොටුපොළ වෙත සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

