තමා කිසිවිටකත් පරිසරය විනාශ නොකරන බවත් පසුගිය රජයේ සිටි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් හන්තානේ අක්කර 30ක ඉඩමක් තම දියණියට තෑගි දී ඇති බවද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ නුවරඑළියේදී ගම සමග පිළිසඳරක් වැඩසටහනට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
“මා කිසිවිටෙකත් පරිසරය විනාශ කර නැහැ. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිටින අවදියේ පටන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගෙනගියේ කිසිවෙකු නොකළ වැඩකොටසක්. නිදහස් චතුරශ්‍රයේ පවා එදා කුණු ගොඩවල් පිරී තිබුණා. ඒ තත්ත්වය නැති කොට කොළඹ නගරය හරිත උයනක් බවට පත් කලා. පරිසරය වෙනුවෙන් කිසිවක් නොකළ අය මට ඇගිල්ල දිගු කිරීම කණගාටුවට කරුණක්” ජනාධිපතිවරයා කීය.
පසුගිය රජයේ සිටි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් හන්තානේ අක්කර 30ක ඉඩමක් තම දියණියට තෑගි දී ඇත. පරිසරය ආරක්ෂා කළානම් අද ඔවුන්ට මාධ්‍ය ඉදිරියට පැමිණ හඩා වැටීමට සිදු නොවන බවද ජනාධිපතිතුමා කීය.
2015-2019 කාලය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැලෑ අක්කර 77, පුත්තලම අක්කර 258, මොණරාගල අක්කර 100ක්, අනුරාධපුරයේ අක්කර 224ක් ඇතුළුව මයිලෑව, මාතලේ, ලග්ගල, රිදීගම, වැලිකන්න ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක වන විනාශය සිදු කර තිබේ. එවැනි පිරිස් අද රජයට ඇගිල්ල දිගු කිරීම හාස්‍යයට කරුණක් යයි ද ජනාධිපතිවරයා පැවසීය.