යලේ වී ගන්න රු.මි. 25ක් දක්වා පොලී හා ගාස්තු රහිත ණයක්
ගොවීන්ට සිය වී අස්වනු සඳහා සාධාරණ මිලක් ලබාදීම සහ පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට සහල් ලබාදීම අරමුණු කරගනිමින් 2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළ ආරම්භ කර තිබේන බව මුදල්,ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
රජයේ සහතික මිල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ප්‍රමාණවත් වී තොගයක් මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති සම්බන්ධ කර ගැනීමට රජය තීරණය කර ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ සහය ඇතිව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් එහි අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
දෛනිකව උපරිම වී මෙට්‍රික් ටොන් 25ක කෙටුම් ධාරිතාවක් සහිතව ලියාපදිංචි වී ඇති සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මෙන්ම එම ධාරිතාවයෙන් යුතු වී මෝල් හිමි සමුපකාර සමිති ද මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබති.
වැඩසටහනට සහභාගී වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත රුපියල් මිලියන 25ක උපරිමයකට යටත්ව පොළී රහිත සහනාධාරී මුදලක් ලබාදීමට නියමිතය.
අදාළ ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා විසින් නිර්දේශ කරනු ලබන වී ප්‍රමාණය, රජයේ සහතික මිල යටතේ දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලත් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති විසින් ගොවීන්ගෙන් මිලදී ගැනීමට නියමිතය.
ඒ අනුව රතු හා සුදු නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120ක රජයේ සහතික මිලටත් සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130ක මිලටත් මිලදී ගැනීමට කටයුතු කෙරේ.
මේ සඳහා ලබාගන්නා අරමුදල් යොදාගෙන මිලදී ගත් වී, අරමුදල් ලබාගත් දිනයේ සිට උපරිම දින 240ක කාලයක් තුළ වෙළෙඳපොළේ අලෙවි කර එමඟින් ලැබෙන සම්පූර්ණ මුදල ව්‍යාපෘතිය සඳහා ආපසු ගෙවිය යුතුය. ඒ සඳහා කිසිදු පොලියක්, කොමිස් මුදලක් හෝ වෙනත් ගාස්තුවක් අය නොකෙරේ.
2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ වැඩසටහන අගෝස්තු 12 වැනිදා සිට ආරම්භ කර ඇති බැවින් ඉහත සුදුසුකම් සපුරා ඇති සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී මෙම වැඩසටහන සඳහා සහභාගී වන ලෙස මුදල්,ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය දැනුම් දේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
