යල් පැනගිය පුරාවිද්‍යා පනත වහාම කඩිනමින් සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇතැයි සියම් මහා නිකායේ රංගිරි දඹුළු විහාර පාර්ශ්වයේ මහානායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගලභිධාන මහ නාහිමියෝ අවධාරණය කරති.
කුරුණෑගල නගර මධ්‍යෙය් පිහිටි බුවනෙක නම් වූ හෝටලයක සිද්ධිය පාදක කරගෙන අද උදේ උයන්වත්ත රජමහ විහාරස්ථානයේදී මාධවේදීන් පිරිසක් හමුවේ අදහස් පළ කළ උන්වහන්සේ කියාසිටියේ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා නින්දෙන් ඇහැරුණු ප්‍රකාශ නිකුත් කිරීම නිසා ජනතාවද බරපතල ප්‍රශ්නයකට මැදි වී සිටින බවය.
පුරාවිද්‍යා ස්ථානයක් නම් කිරීම සඳහා විෂයභාර අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නම් කළ යුතුව තිබෙන බවත් කුරුණෑගල සිද්ධිය එවැනි කිසිදු සාධකයක් නොමැතිව ක්‍රියාත්මක වූ වකවානුවක් දක්නට ඇති බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
වැඩිදුරටත් අදහස් දැක්වූ සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශවයේ මහනායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ මෙසේද පැවසිය .
"පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සංරක්ෂණය කිරීම වෙනුවෙන් තමයි සුද්දා මේ පනත් අණපනත් නිර්මාණය කළේ. ඒ නිසා තමයි අදටත් රුවන්වැලි මහ චෛත්‍යය ලෝකවාසී ජනතාවට වන්දනාමාන කරන්න හැකියාව ලැබිලා තියෙන්නෙ. අද පුරාවස්තුන් යැයි පවසමින් ජනතාවට වන්දනාමාන කර ගැනීම සඳහා අතීත මුතුන් මිත්තන් ඉදිකළ බොහෝ දේ නටබුන් බවට පත්කරගෙන තිබෙනවා. ඒ වගේම අවුරුදු සියයක් පැරණි දේ පුරාවස්තුවක් ලෙස සලකන ක්‍රමවේදයක් රට තුල ක්‍රියාත්මක වෙනවා .ඒක මහ විහිළුවක් පුරාවිද්‍යා පනත සංශෝධනය කොට වහාම නටබුන් වෙලා තියෙන බෞද්ධ ස්ථාන මහජනතාව වැඳ පුදා ගැනීම සඳහා සූදානම් කළ යුතු කාලය එළඹිලා තියෙන්නේ. අද අනුරාධපුරේ එවැනි දාගැබ් රැසක් පවතිනවා ලංකාව පුරාම 90% කටත් වඩා බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන කැලෑවට ගොස් නටබුන් බවට පත්වෙලා ජනතාවට වැඳපුදා ගැනීමට හෝ නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බව පේනවා.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා කුරුණෑගල සිද්ධියෙන් උදේට එකක් කියනවා හවසට තව එකක් කියනවා එහෙම විය යුතු නැහැ වහාම තමන්ගේ කාර්යභාරය මැනවින් පැහැදිලි කර ගත යුතුයි. එහෙම නැති උනහම ජනතාවට විහිළු සපයන තනතුරක් බවට පත් වෙලා තියෙන්නෙ.
වර්තමාන ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙනවා පුරාවිද්‍යා පනත කඩිනමින් සංශෝධනය කොට පුරාවිද්‍යා පිළිබඳව හසළ දැනුමක් ඇති කණ්ඩායමක් සමග සාකච්ඡා කොට දීවයින පුරා ඇති පුරාවිද්‍යා ස්ථාන ලේඛනගත කළ යුතුයි. ඒවා සංරක්ෂණය කිරීම මෙන්ම වැඩිදියුණු කිරීමට ඇති ස්ථාන සොයා බලා ඒවා ජනතාවට වැඳ පුදා ගැනීමට හැකිවන පරිදි සූදානම් කිරීම පැරණි තිබුණු තත්ත්වයන් පිළිබඳව ඡායාරූප වීඩියෝ ගත කොට ඒවා සංරක්ෂණය කිරීම පුරාවිද්‍යා අධ්‍යාපන කටයුතු සඳහා අවැසි මංපෙත් විවර කර තිබීම මෙමගින් සිදු කළ යුතුයි."