යාපනය පූතූර් ප්රදේශයේ නිවසකට ඇතුලු වූ පිරිසක් විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කොට තිබූ මළ සිරුරක් අද (28) උදෑසන සොයාගත් බවට අච්චුවේලී පොලීසිය පවසයි.
පූතූර් ප්රදේශයේ පිහිටි අදාල නිවසේ ඝාතනය ලක් වූ පුද්ගලයා පමණක් තනිවම සිටින අතරම එසේ සිටින අවස්ථාවක අද අලුයම් කාලයේ කිසියම් පිරිසක් විසින් නිවසට ඇතුලු වී ඝාතනය කොට ඇති බවට පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.
අදාල පහරදීම සිදු කල පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර පෞද්ගලික හේතුවක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට පරික්ෂණ සිදුකරන අච්චුවේලී පොලීසිය සැක පල කර සිටියි.
මෙලෙස පහරදීමෙන් මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි තුරෙයිරාසා චන්ද්රගෝපාල් නැමිත අයෙකුවන අතර ඔහුගෙ මළ සිරුර යාපනය රෝහලේ තැන්පත් කොට ඇත.