යාපනය ගුරුනගර් ප්රදේශයේදී පසුගියදා ආයුධ කල්ලි ප්රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධියට සම්බන්ධ ආයුධ කල්ලි නායකයා ඇතුලු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලීසිය පවසයි.
අදාල ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සහ යුදහමුදාව බුද්ධි අංශය විසින් සිදුකරන ලද පරික්ෂණයන් තුලදී ස්ථාන කිහිපයකින් මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර ආවා කල්ලියේ වත්මන් නායකයා ලෙස සැලකෙන විනෝදන්ද වන බව පොලීසිය සැක පළ සිටියි.
මේ අතර අත්අඩංගුවට පත්ව සිටින පිරිසෙන් පොලිස් පරික්ෂණ සිදුකෙරෙන අතරතුරදී ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු පොලීසියට භාර වී ඇත.