යාපනය ප්‍රදේශයේ පසුගිය දිනවල ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් 22 දෙනෙකු ගෙවුනු දින කිහිපය තුළදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි.
යාපනය, කෝපායි, චුන්නාකම් හා මානිප්පායි ප්‍රදේශවලදී සිදුකළ වැටලීම්වලදි අදාළ සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පසුගිය දිනයන්හි යාපනය, මානිප්පායි, කෝපායි, චුන්නාකම් ප්‍රදේශවල නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකොට ඇති අතර පුද්ගලයන්ට තර්ජනය කිරීම්, පුද්ගල පහරදීම්ද සිදු කර ඇති බවට අනාවරණය වී තිබේ.
යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග යටතේ යාපනය, කෝපායි, චුන්නාකම් හා මානිප්පායි පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට පොලිස් නිලධාරීන් විශේෂ පරීක්ෂා කිරීම් මේ වන විට සිදුකරමින් පවතින බවද යාපනය පොලිස් නිලධාරීහු පවසති.
යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය, දනුරොක් කල්ලිය, වික්ටර් කල්ලිය වැනි කල්ලි කිහිපයක සාමාජිකයන් පසුගිය කාලයේදී විවිධ නීතිවිරෝධි ක්‍රියා කරමින් කප්පම් ගැනීම් සිදුකොට තිබෙන බවට යාපනය ආරක්ෂක අංශ මේවන විට අනාවරණය කොටගෙන තිබේ.