ඓතිහාසික යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික දේව මෙහෙයන් පූර්න සෞඛ්‍යාරක්ෂිතව ඊයේ (08) සවස පැවති වයිරවර්ශාන්ති දේව මෙහෙය පැවත්වීමෙන් පසුව අවසන් වූ බවට නල්ලූර් කෝවිලේ භාරකාර මණ්ඩලය පවසා සිටියේය.
පවතින කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් සෞක්‍ය නිලධාරීන්ගේ මාර්ගෝපදේශයන්ට යටත්ව නල්ලූර් කෝවිලේ මෙවර පැවති වාර්ෂික දේව මෙහෙයන් වෙනුවෙන් බැතිමතුනගේ සහභාගීත්වයක් නොමැතිව පැවත්වීමට පියවර ගෙන තිබීමද විශේෂ විය.
නල්ලූර් කෝවිලේ වාර්ෂික දේව මෙහෙය පසුගිය අගොස්තු 13 වනදා කොඩි එසවීමේ දේව මෙහෙයෙන් ආරම්භ වී එදින සිට සැප්තම්බර් 08 වනදා දක්වා ප්‍රධාන දේව මෙහෙයන් 17 ක් පැවත්වූ අතර ඒ සඳහා යාපනය පොලීසිය , සෞඛ්‍ය නිලධාරීන්ද ආරක්ෂාව සහ පූර්ණ සහය ලබා දී තිබුණි.
වෙනත් වසර වලදී ක්ෂ සංඛ්‍යාත පිරිසක් නල්ලූර් මංගල්ල්‍ය වෙනුවෙන් සහභාගී වූවද මෙවර කොරෝනා අවධානම හේතුවෙන් බැතිමතුන්ගේන් තොරව සියලු දේව මෙහෙයන් පැවති අතර නල්ලූර් කෝවිලේ පැවති දේව මෙහෙයන් වලදී කොරෝනා වයිරසයෙන් ලෝ වැසියා ආරක්ෂා කර දෙන ලෙසටද දෙවියන්ට කන්නලව් කිරීමද මෙවෙර වාර්ෂික දේව මෙහෙයේ විශේෂ සිදුවීමකි.