යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන තිරුකාර්තිකයි උත්සවය මෙවරද අති උත්කර්ෂවත් අයුරින් බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (10) සවස පැවැත්වුණි.
තිරුකාර්තිකෙයි උත්සවයේදී සෑම වසරකම විශේෂ දේව මෙහෙයක් සිදු කෙරෙන අතර අවසානයේදී අග්නි පූජාවක්ද සිදු කරනු ලැබීය.
නල්ලූර් වාර්ෂික මංගල්‍යයට අමතරව සිදු කෙරෙන මෙම තිරුකාර්තිකයි උත්සවය වෙනුවෙන්ද යාපනයේ හින්දු බැතිමතුන් මෙන්ම දිවයිනේ විවිධ පළාත්වලින්ද හින්දු බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වි සිටියහ.