යාපනයේ සිට දුර ගමන් සේවාවල යෙදෙන බස්රථවලින් 52කට මාර්ග බලපත්‍ර නැතැයි යාපනය බස් සමාගමේ සභාපති ත්‍යාගරාජා ඊශ්වරන් මහතා සඳහන් කරයි.
අල්ලස් කොමිසමට සහ ප්‍රවාහන අමාත්‍යාංශයට මේ පිළිබඳ පැමිණිලි කර තිබෙන බවත්, එහෙත් ඊට මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා මාසිකව රුපියල් ලක්ෂ 52කට වැඩි ප්‍රමාණයක් රජයට අහිමි වන බවද ඒ මහතා සඳහන් කළේය.
රටේ පවතින නීතියට අනුව මාර්ග බලපත්‍ර නොමැතිව බස්රථයක් ධාවනය කළහොත් රුපියල් ලක්ෂ දෙකක් දක්වා දඩ මුදලකට යටත් කළ හැකි බවද හෙතෙම පවසා සිටියේය.
මේ හරහා විශාල මූල්‍ය වංචාවක් සිදුවන හෙයින් මෙයට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවත්, මාර්ග බලපත්‍ර හිමි බස් රථයකට මාසිකව රුපියල් අනූ එක්දහසකට අධික මුදලක් ගෙවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.