යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ කිසියම් නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධ වලින් ඊයේ (07) රාත්‍රියේ සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.
කොඩිකාමම් වෙල්ලාම්බොක්කට්ටි ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී නාදුනන පිරිස් එකවරම පැමිණ මෙම පහරදීම සිදු කොට පහරකෑමට ලක් වූ අයෙකු පැමිණි යතුරුපැදියක්ද ගිනිතබා පලා ගොස් ඇත.
තියුණු ආයුධවලින් පහරකෑ තිදෙනෙකු දැඩි කැපුම් තුවාල සහිතව කොඩිකාමම් රෝහලට ඇතුලත් කොට ඇති අතර පහරකෑමට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි සුරේන්ද්‍රන් වෙනිස්වරන්, එහුගේ පියා වූ 53 හැවිරිදි වේලුපිල්ලේ සුරේන්ද්‍රන් හා 23 හැවිරිදි මහේන්ද්‍රන් අජන්තන් නැමති අයයි.
අදාල පහරදීම සිදුකල පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ආවා කල්ලියේ පහරදීමක් හෝ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් දැයි යන්න සැක සහිත බවට පරික්ෂණ සිදුකරන කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.