යාපනය දිස්ත්‍රීක්කය තුල දෛනික කොරෝනා ආසාදිතයින් අගය ශීඝ්‍රයෙන් වැඩිවී ඇති අතර ආසාදිතයින් 10,000 ඉක්මවද්දි මරණ 200 වාර්තා වී ඇති බවට යාපනය දිස්ත්‍රීක් දිසාපති කනපතිපිල්ලෙයි මහේෂණ් මහතා පැවසීය.
යාපනයේ පවතින වත්මන් වාතාවරණය පිළිබඳව යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී මාධ්‍යට අදහස් දක්වමින් දිසාපතිවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසාපති වරයා පවසා සිටියේ ‘ගෙවී ගිය අවසන් දින කිහිපය තුලදී කොරෝනා මරණ සංඛ්‍යාව යාපනයේ වැඩිවීම මගින් මරණ 200 සීමාව ඉක්මවා ගිහින් තියෙනවා. ඒ වගේම ආසාදිතයින් 10,000 සීමාවත් ඉක්මවලා. දෛනික පුද්ගල ආසාදිත අගය 130 ත් ඉක්මවලා.
‘මේ වන විට යාපනයේ පවුල් 3019 කටඅයත් පුද්ගලයින් 8616 ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමු කොට තිබෙනවා. පවතින තත්වය බොහෝ සෙයින් අවධානම් හෙයින් කිසිදු වැසියෙකු සිය නිවසෙන් පිටතට නොයන ලෙසටත් හැකි අයුරින් සෞඛ්‍ය නිලධාරීන්ට සහය ලබා දෙන ලෙසටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යනුවෙනි.