යාපනයේ විවිධ නම්වලින් පෙනී සිටිමින් නීතිය හා සාමය බිඳදැමීමට කටයුතු කරන සන්නද්ධ කල්ලිවලට සම්බන්ධ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට හදිසි දුරකථන ඇමතුම් අංකයක් ලබා දීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබේ.
මේ අනුව 076-6093030 යන අංකය පොලීසිය ලබාදී ඇති අතර යාපනයේ වීදිවල සැරිසරන උසස් පොලිස් නිලධාරීන් විසින් මේ දුරකථන අංකය ඇතුළත් විස්තර පත්‍රිකාවක් ජනතාවට ලබාදීමට කටයුතු යොදා ඇත.
විවිධ නම්වලින් පෙනී සිටිමින් යාපනය ප්‍රදේශයේ නීතිය හා සාමය කඩකරන පිරිස් අත්ඩංගුවට ගැනීමට මහජනතාවගේ සහයෝගය ලබා ගැනීමේ අරමුණින් මෙම හදිසි ඇමතුම් අංකය ලබා දුන් බව පොලීසිය පවසයි.
යාපනයේ ක්‍රියාත්මක කල්ලි අත්අඩංගුවට ගැනීමට මහජනතාවගෙන් විශාල සහයෝගයක් ලැබෙන බව පවසන පොලීසිය ඔවුන් විසින් ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම හා එම තොරතුරු ඉතා කඩිනමින් ලබාගැනීමේ අරමුණු ඇතිව මෙම දුරකථන අංකය හඳුන්වා දුන් බව පවසයි.