යාපනය තෙලිප්පලෙයි ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කන්කසන්තුරෙයි ප්රදේශයේ වසර 30 ක් පුරාවට ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 4 යි පර්චස් 20 ක ප්රමාණයක් ඊයේ (21දා) දින මුල් අයිතිකරුවන් වෙතට භාර දීම සිදු විය.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්රධානත්වයේ ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට භාර දීම සිදු විය.
යුද්ධය හේතුවෙන් ආරක්ෂක පියවරක් වශයෙන් අදාළ ඉඩම් කන්කසන්තුරෙයි අධිආරක්ෂිත කලාපයක් වශයෙන් වසර 30 ක කාලයක් පැවති අතර යුද්දය නිමාවීමෙන් පසුව එම ප්රදේශයන්හි බිම්බෝම්බ ඉවත් කිරීමෙන් පසුව ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට භාරදීම එසේ සිදු විය.
.