යන්නේ නෑ - මහින්ද
තමන් අගමැති ධුරයෙන් ඉවත් නොවන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කරයි. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිත පිරිසක් හා පැවැති සාකච්ඡාවකදී අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේය.
මෙහිදී පළාත් පාලන ආයතන නියෝජිත පිරිස පෙන්වා දුන්නේ අග්රාමාත්යධුරයෙන් ඉවත් කළ හොත් මීට පෙර රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්යධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව ඔහුට දුන් තීන්දුව අනුව ක්රියාත්මක විය හැකි බවයි.
එසේම අග්රාමාත්යවරයා ආරක්ෂා කිරිමේ බලවේගය නිර්මාණය කර අවසන් බවත් ඔවුන් පෙන්වා දුන්නේය.
මෙහිදී එක් මන්ත්රීවරයෙක් අග්රාමාත්යවරයාගෙන් විමසා සිටියේ ඔබ ඉවත් වෙන්නේ නෑ නේද? ලෙසයි.
එයට පිළිතුරු දෙමින් අග්රාමාත්යවරයා සඳහන් කළේ ‘නෑ, නෑ’ ලෙසයි.
“සර් අයින් වුණාම තෙල් උනනවානම්, ගෑස් උණනනාවම්, ඩොලර් උනනවානම් සර් අයින් වෙන්න. එහෙම වෙනන්නේ නෑ නේ. එක්කෝ ජනාධිපතිතුමාට අයින් වෙන්න කියන්න. එයාට යන්න කියන්න” යැයි මන්ත්රීවරියක් ප්රකාශ කළාය.
“කාටවත් යන්න කියන්නේ. කවුරුත් අයින් වෙන්නේ” යැයි තවත් මන්ත්රීවරයෙක් ප්රකාශ කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

