දුම්රිය මගීන්ට පහසුකම් සැලසීම සඳහා යුද හමුදාවට අයත් බස්රථ 33ක් යොදවා තිබෙන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.
මෙම බස්රථවලින් බස්රථ 09ක් උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කර යොදවා තිබෙන බවත්, වර්ජනය අවසන් වනතුරු මගී ජනතාව නොමිලේ ප්‍රවාහනය කිරීම සඳහා මෙම බස්රථ යොදවා තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
ලංගමයේ උපදෙස් මත, අවශ්‍යතාවය මත මෙම බස්රථ යොදවා තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පවසා සිටියේය.