යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ මත යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් 63කට උසස්වීම් ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
මෑත ඉතිහාසයේ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වැඩිම පිරිසකට උසස්වීම් ලබාදුන් අවස්ථාවක් ලෙස මෙය සැලකෙයි.
ඒ අනුව මේජර් ජනරාල් ධුරයට 4ක්, බ්‍රිගේඩියර් ධුරයට 25ක්, ලුතිනන් කර්නල් තනතුරට 34ක් ලෙස මෙසේ උසස්වීම් ලබාදී තිබේ.