උපසේවා පොලිස් නිලධාරීන් වශයෙන් පසුගිය යුද සමයේ පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගනු ලැබු නිලධාරීන් 40,000කට ආසන්න පිරිසකට මෙතෙක් කිසිදු උසස් වීමක් ලැබී නොමැති බවත් ඉන්පසු බදවා ගත් සියලු නිලධාරින්ට උසස්විම් ලබා දි වසර ගණනාවක් යුද වැදුණු තමන්ට උසස් විම් ලබා නොදි සිටිම අසාධාරණයක් බව ඔවුහු සඳහන් කරති.
එම නිලධාරින් දශක තුනකට ආසන්න කාලයක් පැවති යුද සමයේදී යුදමය කටයුතු සඳහා යොදා ගත්තද අද වනවිට එම නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේදී අසාධාරණයක් සිදුව ඇතැයි ඔවුහු පවසති.
1988 සහ 1990 යන වසරවලදි පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට බැඳි දශක තුනක කාලයක් යුදමය කටයුතු සඳහා දැක්වු සහයෝගයට උපහාරයක් වශයෙන් එවකට ජනාධිපති ධූරය දැරූ මහින්ද රජපක්ෂ මහතාගේ රජය තුළදි එතුමා විසින් සුදුසුකම්ලත් සියලු උපසේවා නිලධාරීන් වහා ම ක්‍රියාත්මක වන පරිදි 2006-2-01 දින සිට නිත්‍ය සේවයට අනුයුක්ත කර තිබිණි.
ඒ අනුව එම නිලධාරීහු පොලිස් සේවයට බැඳුණු දින සිට නිත්‍ය සේවා නිලධාරින් වශයෙන් වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට මාසිකව මුදල් ගෙවමින් මේ දක්වාම එහි සාමාජිකත්වය ලබා සිටි.
2015 වසරේ එවකට පැවති රජය පරාජයට පත්වීමත් සමග එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව පත්වු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ජ්‍යෙෂ්ඨතා ලැයිස්තු කිරීමට කටයුතු කරන ලදී.
එහිදි බොහෝ පරිණත පොලිස් නිලධාරින් පසෙකලා 2006-02-01 දිනට පෙර පොලිස් සේවයට බැඳුණු නිත්‍ය සේවා නිලධාරින් උපසේවා නිලධාරින් අභිභවා ජ්‍යෙෂ්ඨතා ලැයිස්තු ගත කර ඇති බව අසාධාරණයට පත් පොලිස් නිලධාරීහු පවසති.
එයින් ද මෙම උපසේවා නිලධාරින්ට විශාල ආසාධාරණයක් සිදුවු බවද ඔවුහු පවසති. මේ හේතුවෙන් එතෙක් උපසේවා නිලධාරින් සහ නිත්‍ය සේවා නිලධාරින් අතර තිබු සම්බන්ධතාවය බිඳීගිය බවත් දෙපාර්තමේන්තුව තුළ යම්යම් ගැටුම්කාරී තත්ත්වයක් නොපෙනෙනා අයුරින් මතුව ඇති බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
2018-01-01 උසස්වීම් ලබාදීමේදි මෙන්ම 2020-01-01 දිනටද උසස්වීම් නිර්දේශ කර ඇත්තේද නිත්‍ය සේවයට මුලින් පත්වු නිලධාරින්ටම බවද ඔවුහු කියති.
එසේම මේ වන විටත් නිලධාරින් අතරද තමාට වඩා කනිෂ්ඨ නිලධාරියකු යටතේ රාජකාරි කිරීමට යාමේදී යම් යම් ප්‍රශ්නවලට මුහුණ දී විනය පරීක්ෂණවලටද ලක්වීමටද සිදුව ඇත්තේ අසාධාරණයට පත්වු නිලධාරීන්ටම බවද සඳහන් කරයි. පොලිස් නිලධාරීන් සඳහන් කර සිටින්නේ තම රාජකාරිය පිළිබඳව අසතුටින් සේවයේ නිරතවීමට සිදුව ඇති බවයි.
එම නිසා මේ සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අවධානය යොමු කර පොලිස් දෙපාර්තමේන්තුව තුළ සේවයේ නියුතු 40,000 ආසන්න නිලධාරීන් වෙනුවෙන් සාධාරණයක් කිරීමට කටයුතු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.