යතුරුපැදියකට ඉඩ ලබා දිමට ගිය කුඩා ලොරි රථයක් පාලමේ ආරක්ෂිත වැට කඩාගෙන දිඹුල පතන ඩේවෝන් ඇලට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාල කරුවන් වැඩි දුර ප්රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ ඊයේ (22දා) හැටන් කොටගල යදන් සයිඩ් වතු යායට පිවිසෙන මාර්ගයේ පිහිටි පාලම අසලදිය.
යදන් සයිඩ් වතුයායේ සිට කොටගල නගරය දක්වා ධාවනය වු ලොරි රථය ප්රතිවිරුද්ද දිශාවෙන් ධාවනය වු යතුරු පැදියකට පාලම මත දි ඉඩ ලබා දිමට යාමේදි ලොරි රථය පාලමේ ආර්ක්ෂිත වැටද කඩා ගෙන අඩි 20 ක් පමන පහලින් වු ඩෙවොන් ඇලට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය පැවසිය.
ලොරි රථය අනතුරට පත් වන අවස්ථාවේ ලොර රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇතත් අනතුරින් ලොරි රථයේ පසු පස ගමන් ගත් දෙදෙනාට කිසිදු අනතුරක් සිදු වි නොමැති බවත් , අනතුරින් ලොරි රථයට සහ පාලමේ ආර්ක්ෂිත වැටට දැඩි අලාභහානි සිදු වි ඇති බවයි දිඹූල පතන පොලිසිය පවසා සිටියේ.
