වාද්දුව මොරොන්තුඩුව පාරේ නවතා තිබූ යතුරුපැදියක් අද (29දා) උදෑසන ගිනිගෙන දැවී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .
යතුරුපැදිකරු වෙළෙඳ සැල ඉදිරිපිට මාර්ගයේ නවතා වෙළෙඳ සැලට ගොස් එන අතරතුර යතුරුපැදිය ගිනිගෙන දැවී ඇත.
ප්රදේශවාසීන් සහ වාද්දුව රථවාහන අංශ නිලධාරීන් එක්ව නිවාදැමූවද ඒ වනවිට යතුරුපැදියට දැඩි හානි සිදුව තිබුණි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් පොතුපිටිය

