මිතුරෙකු සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සිසුවකු යතුරු පැදිය පාලනය කර ගැනිමට නොහැකිව විදුලි කනුවක ගැටි මරණයට පත්වු අතර මිතුරා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව කුලියාපිටිය පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මුන්දලම මංගලඑළිය ප්‍රදේශයෙ පදිංචි 19 හැවිරිදි සචින්ත අනුහස් නැමති මුන්දලම සිංහල විද්‍යාලයෙ සිසුවකු බව කියයි.
මරණයට පත් සිසුවා තම පියාට අයත් යතුරුපැදිය පියාට රහසේ මවට පෙරැත්ත කර ගෙන ලබා ගෙන මිතුරෙකු මුන ගැසිම සදහා ගොස් ආපසු මුන්දලම මංගලඑළිය ප්‍රදේශයට පැමිනමින් සිටියදී ඊයේ (4 දා) රාත්‍රියෙ කුලියාපිටිය බරගෙදර තෙලපිල්ල ප්‍රදේශයෙදි අනතුරට ලක්ව මරණයට පත්ව ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ මරණයට පත් සිසුවා යතුරු පැදිය පදවා ඇති බවත් වේගය පාලනය කර ගැනිමට නොහැකිව යතුරු පැදිය විදුලි කනුවක ගැටි අනතුර සිදුව ඇති බව කියයි.
මෙම සිසුවා සමග යතුරු පැදියෙ ගමන් ගත් අනෙක් සිසුවා අනතුරින් තුවල ලබි ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බව කියයි.
අනතුරින් මරණයට පත් සිසුවා පවුලේ වැඩිමල් දරුවා වන අතර ඔහුට බාල නැගණියන් දෙදෙනෙකු සිටින බවද කියයි.
මුන්දලම සිංහල විද්‍යාලයෙ උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය හැදෑරු සචින්ත සිසුවා පාසලේ දක්ෂ සිසුවකු බවත් ඒ සමගම දේශීය හා බටහිර සංගීතයට දක්ෂයකු බවත් ඔහුගෙ සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයකු ලෙස කටයුතු කරමින් සිටි බව කියයි.