යාපනය මිරුසවිල් ප්රදේශයේදී සිදුවූ අනතුරක් අතර පුද්ගලයෙකුට වෙඩි වැදීමෙන් ඊයේ (26දා) මියගොස් ඇතැයි කොඩිකාමම් පොලීසිය පවසයි.
අදාල පුද්ගලයා මෙරට නිශ්පාදිත ගිනිඅවියක් බඳින කඳක් ලෙසින් සතුන්ට භාවිතා කිරීම සඳහා අදාල ගිනිඅවියද රැගෙන යතුරුපැදියෙ ගමන්කරමින් සිටින අවස්ථාවේදී හදීසියේම යතුරුපැදිය අනතුරකට ලක්වී පෙරලී යාම හේතුවෙන් ඔහු අත තිබූ ගිනිඅවිය පත්තුවීමෙන් මෙම මරණය සිදුව ඇතැයි පොලීසිය සැක පලකර සිටියි.
අදාල පුද්ගලායා තම ගොවිපලට එන සතුන්ට වෙඩිතැබීම සඳහා මෙම ගිනිඅවිය රැගෙන ගොස් ඇතැත් ගිනිඅවිය ඔහුට පත්තු වීමෙන් බරපතල තුවාල ලබා චාවකච්චේරි රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇතැයි පොලීසිය පැවසීය.
වෙඩිවැදීමෙන් මිය ගොස් ඇත්තේ මිරුසවිල් ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකු වන අතර කොඩිකාමම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.