යතුරුපැදි දෙකක් ගැටි සැරයන් ජීවිතක්ෂයට
බුත්තල පොලිස් වසමට යටත් වෑකඩ යටියල්ලාතොට මාර්ගයේ මුංකොටුව ප්රදේශයේදී (31) වෙනිදා සවස යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් එක් යතුරුපැදියක පැදිකරු වූ පොලිස් සැරයන් වරයෙකු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ ගෝනගංගාර පොලීසියේ සේවය කරන ඌව පැල්වත්ත උඩඅරාව පදිංචි පොලිස් සැරයන් වරයෙකු වූ එච්.එම් ගාමිණී ජයසේකර (54) නැමති තිදරු පියෙකි.
පොලිස් සැරයන්වරයා එදින රාජකාරි නිමකොට නිවසට එමින් සිටියදී අධික වේගයෙන් ඉදිරියෙන් පැමිණි තවත් යතුරුපැදියක් ඔහුගේ යතුරු පැදියේ ගැටී තිබේ.
එම අවස්ථාවේ එම යතුරුපැදියේ බුත්තල උනාවටුන ප්රදේශයේ පදිංචි තිදෙනෙකු ගමන් කර ඇති අතර එක් අයෙකු පළා ගොස් ඇත.අනෙක් දෙදෙනා බරපතළ තුවාල ලබා බුත්තල ප්රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා මොනරාගෙන දිස්ත්රික් මහ රෝහලට මාරුකර යවා ඇත.ඔවුන් දෙදෙනා බීමත්ව සිට ඇති බව පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.
මියගිය සැරයන්වරයාගේ මෘත දේහය දැනට මොනරාගල දිස්ත්රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය (01) වෙනිදා පැවැත්වීමට නියමිතව තිබිණි. බුත්තල පොලිස් ස්ථානාධිපති ප්රියන්ත අමරසිංහ මහතා පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

