තිදෙනකු ගමන් ගත් යතුරු පැදියක් අද (7දා) අළුයම බණ්ඩාරගම රයිගම ප්රදේශයේදී කොන්ක්රීට් කණුවක ගැටීමෙන් යතුරුපැදිය පැද වූ පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගිය බවත් අනෙක් දෙදෙනා තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ හසලක මහා අස්වැද්දුම ප්රදේශයේ පදිංචිව සිටි නුවන් කුමාර විජේසිංහ වයස අවුරුදු 24 ක විවාහක පුද්ගලයෙකි.
පොකුණුවිට ප්රදේශයේ පැවති සංගීත සන්දර්ශනයක් නරඹා හොරණ පානදුර මාර්ගය හරහා යළි බණ්ඩාරගම නවාතැන්පොල වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලීසිය සඳහන් කරයිත
යතුරු පැදියේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මීටර් දහයක් පමණ පැති කාණුවක් දිගේ ඉදිරියට පැමිණ අනතුරුව කොන්ක්රීට් කනුවේ ගැටී මෙම අනතුර වී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
ගේට්ටු කණුවේ යතුරුපැදිය ගැටීමට පෙර පිටුපස ගමන්ගත් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා යතුරු පැදියෙන් විසි වී ඇතැයි පොලිසිය කියයි.
අධික වේගය සහ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවී ඇතැයි පොලිසිය පවසයි.

