යතුරුපැදි අනතුරු හතරකින් පැදිකරුවන් 4ක් මරුට
- 30 06 2026
- 08:22
- {{hitsCtrl.values.hits}} views
- ..
බස් රථයක් යතුරුපැදික ගැටී පසුපැදිකරු ජීවිතක්ෂයට - අනුරාධපුර පොලිස් වසම.
2026.06.29 දින අළුයම අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර රඹෑව මාර්ගයේ සාලියපුර ගල්වල හන්දිය අසලදී රඹෑව දෙසට ධාවනය වූ යතුරුපැදියක් දකුණට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි බස් රථයක් යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත.අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පසුපැදිකරු මියගොස් ඇත.මරණකරු අවුරුදු 17 ක් වූ කුරුන්දන්කුලම ප්රදේශයේ පදිංචිකරුවෙකි. බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
යතුරුපැදියක් වෑන් රථයක ගැටී පැදිකරු ජීවිතක්ෂයට - ගල්කිරියාගම පොලිස් වසම.
2026.06.29 දින සවස ගල්කිරියාගම පොලිස් වසමේ ගලේවෙල කැකිරාව මාර්ගයේ කිලෝමීටර් 21 කණුව ආසන්නයේදී කැකිරාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් පැමිණි වෑන් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකරු හා වෑන් රථයේ රියැදුරු තුවාල ලබා ආඩියාගල රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇත.මරණකරු අවුරුදු 16 ක් වූ දේවහුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.ගල්කිරියාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
යතුරුපැදි අනතුරකින් පසුපැදිකරු ජීවිතක්ෂයට - සමනලවැව පොලිස් වසම.
2026.06.29 දින දහවල් සමනලවැව පොලිස් වසමේ කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ පඹහින්න ප්රදේශයේදී බදුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් පසුපැදිකරු ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා පඹහින්න රෝහලට ඇතුලත් කරන විටත් පසුපැදිකරු මියගොස් සිට ඇත. මරණකරු අවුරුදු 37 ක් වූ බලංගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සමනලවැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ත්රීරෝද රථයක් යතුරුපැදියක ගැටී පැදිකරු ජීවිතක්ෂයට - ගිරානේගම පොලිස් වසම.
2026.06.29 දින සවස ගිරානේගම පොලිස් වසමේ දඹුල්ල පුබ්බෝගම මාර්ගයේ ආනකටාව ප්රදේශයේදී පුබ්බෝගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි ත්රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත.අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු අවුරුදු 20 ක් වූ දේවහුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.ත්රීරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගිරානේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

