යතුරුපැදි අනතුරු දෙකකින් තරුණයන් දෙදෙනෙක් මරුට
- 11 08 2026
- 09:01
- {{hitsCtrl.values.hits}} views
- ..
අක්මීමණ පොලිස් වසම - 2026.08.10 දින සවස අක්මීමණ පොලිස් වසමේ ගාල්ල උඩුගම මාර්ගයේ ගල්ගොඩදෙණිය හන්දිය ආසන්නයේදී ගාල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පලක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී පැදිකරු මියගොස් ඇත. මරණකරු අවුරුදු 27 ක් වූ උඩුගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.අක්මීමණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
දඹුල්ල පොලිස් වසම - 2026.08.10 දින රාත්රී දඹුල්ල පොලිස් වසමේ වැලිහේන බුලාගල අතුරු මාර්ගයේ වැලිහේන ප්රදේශයේදී බුලාගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු දඹුල්ල රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මරණකරු අවුරුදු 18 ක් වූ දඹුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි. දඹුල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

