බණ්ඩාරගම ගම්මන්පිල විහාරස්ථානය ඉදිරිපිට යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් කාන්තාවක් ඇතුළු පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා ඇතැයි බණ්ඩාරගම පොලීසිය පැවසීය.
සිය මව යතුරුපැදි යේ පිටුපස හිඳුවාගෙන බන්ඩාරගම මැදගම ප්රදේශයේ සිට බණ්ඩාරගම දෙසට තරුණයකු පැදවූ යතුරු පැදිය සහ
බණ්ඩාරගම සිට මැදගම දෙසට ධාවනය වූ යතුරු පැදියක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිදුවූ අනතුරින් පැදිකරුවන් දෙදෙනාගේ තත්ත්වය තරමක් බරපතළ බව අනතුර ඇසින් දුටුවෝ පවසති. තුවාලකරුවන් 1990 සුවසැරිය ගිලන් රථයෙන් බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා පානදුර සහ හොරණ රෝහල්වලට ඇතුළත් කර ඇත.
පැදිකරුවන් දෙදෙනාගේම අපරික්ෂාකාරි හා නොසැලිකිලිමත් රිය ධාවනය අනතුරට හේතුවී ඇතැයි පොලිසිය පවසයි.
