මඩකලපුව කොක්අඩිචෝලේ ප්රදේශයේදි යතුරු පැදියක් හා පා පැදියක් සොරකම්කිරිම සමිබන්ධයේන් කොක්අඩිචෝලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබු පොලිස් කොස්තාපල්වරයකුගේ සේවය වහා ක්රියාත්මකවනපරිදි අත්හිටුවිමට කල්මුනේ සහකාර පොලිස් අධිකාරි ඩි.එමි එල් බුද්ධික මහතා ඊයේ (02දා) ක්රියාකළේය.
ඒ සහකාර පොලිස් අධිකාරිවරයාට පැවරි ඇති බලතල ප්රකාරවය.
අපකීර්තිදායක ලෙස හැසීරීම. අපරාධයකට හෝ වරදකට වරදකරුවීම යන වැරදි සිදුකිරීම තුලින් පොලිස් නිලධාරියෙකු ලෙස රාජ්ය සේවය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම , මෙම පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවිමට හේතුව ලෙස සහකාර පොලිස් අධිකාරිවරයා හේතු වශයෙන් දක්වා තිබිණ.
මෙසේ සේවය අත්හිටුවා ඇත්තේ කල්මුනේ කාර්තිවි පොලිසියට අනුයුක්තව සේවය කරන,අක්කරපත්තුව අඩිඩලාචිචෙින,සරීෆ් හාජියාර් පාරේ පදිංචි පොලිස් කොස්තාපල්වරයකුගේය.
මඩකලපුව කොක්අඩිචෝලේ පොලිස් බල ප්රදේශයේදි යතුරුපැදියක් හා පා පැදියක් සොරකමි කිරිම සමිබන්ධයෙන් කොක්අඩිචොලේ පොලිසියට ඉකුත් ජනවාරි මස 01 දින ලැබුනු පැමිණිල්ලකට අනුව කොක්අඩිචෝලේ පොලිසිය විසින් සිදුකල විමර්ශණයකින් පසු මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත්කොට තිබුණි. මඩකලපුව මහේස්ත්රාත් අධිකරණයේ මහේස්ත්රාත්වරයා විසින් මෙම පොලිස් කොස්තාපල්වරයා පෙබරවාරි මස 15 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කල්මුනේ සහකාර පොලිස් අධිකාරි ඩි.එමි.එල් බුද්ධික මහතාගේ ප්රධානත්වයෙන් කාර්තිවි පොලිසිය මෙි සමිබන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.
මොණරාගල නයනජිව බන්ඩාර