ඝාතනය කර යතුරුපැදියක තබා ගැටගසා හොරණ මීවනපලාන පුහුවල මාවක් ඔයට දමා තිබූ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (11) හමුවූ බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි .
මාළු ඇල්ලීම සඳහා මාවක් ඔයට ගොස් සිටි පුද්ගලයන් දෙදෙනෙකු එම මළ සිරුර දැක පොලිසියට ලබා දුන් තොරතුරක් අනුව මළ සිරුර සොයාගත් බව පොලීසිය කියයි
මළසිරුර සොයා ගන්නා අවස්ථාවේදී එය දැඩි ලෙස දියවී තිබූ අතර එම පුද්ගලයාගේ ඉන ප්‍රදේශයේ සහ පාද යතුරු පැදියට තබා රෙදි වලින් නිමවූ ලණුවකින්ට ගසා තිබූ බව පොලිසිය කියයි
මළසිරුර බෙහෙවින් දිය වී තිබූ අතර මාසයකට පමණ ඉහතදී මෙම ඝාතනයට වන්නට ඇතැයි පොලිසිය සැක කරයි
එම පුද්ගලයාගේ යට ඇඳුම පමණක් ඉතිරිව තිබූ බව පොලිසිය කියයි
පුද්ගලයා ගැටගසා තිබූ යතුරුපැදියේ ලියා පදිංචි අංක තහඩු නොතිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
මළ සිරුර තිබූ ස්ථානයට හොරණ අධිකරණයේ මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් විය
පානදුර පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ පැවැත්වූහ
හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ හොරණ නයන දුල සෙන්දනායක