චාවකච්චේරිය, සංගස්තානය තමෝදරම් පිල්ලේ දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් කොළඹ කොටුවේ සිට යාපනය බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ රාත්රියේදී මෙම අනතුරු සිදුව තිබේ. අවුරුදු 23ක් වන තරුණයින් දෙදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තතිබේ. දුම්රිය හරස් මාර්ග සංඥා පහන් දැල්වෙමින් තිබියදී දුම්රිය හරහා යතුරුපැදිය පදවා ඇති බවට මූලික විමර්ශනයේදි හෙළිව තිබේ.