අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පිටුපස අබිලි ද්‍රව්‍ය ගොඩගසා ඇති කුටියේ තිබු ටී 56 පතරොම් ගැබ් 3 ක් ඇතුළු විවිධ වර්ගයේ උණ්ඩ තොගයක් යකඩ බඩු වෙළෙඳ සැළකට අලෙවි කළ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවය කරන කම්කරු සේවකයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
සැකකරු පොලිස් ජීප් රථයකින් පැමිණ වූ මෙම උණ්ඩ සහිත පාර්සලයක් ලබාදීම සම්බන්ධයෙන් වෙළඳසැල් සේවකයන් පොලිසියට කළ දැනුම් දීමකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.
පොලිස් ස්ථානයට ජලය රැගෙන එන ජීප් රථයකින් පැමිණි සැකකරු මෙම බෑගය වෙළඳසැලට අෙලවි කර ඇත.
මේ අනුව විමර්ශනය සිදු කර ඊයේ (30) සැකකරු අත්අඩංගුවට ගෙන ඇත