ඩුබායි ශ්‍රී සැඟව සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කොළොන්නාවේ ධනුෂ්කගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තේශාන් තරේන් නොහොත් යකඩ තරිඳු නැමැත්තා කියන්නේ ලක්ෂ දෙකකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය හා මුදල් තොගයක් සමග ගොතටුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිගෑම් 650 ක් හා රුපියල් පන්ලක්ෂ 60200 මුදලක් පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගොතටුව පොලිස් ස්ථානය වෙත බාර දී ඇත. පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරියෙක් නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය යටතේ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකළේය.