පානදුර බණ්ඩාරගම මාර්ගයේ අලුබෝමුල්ල ප්‍රදේශයේදී ඊයේ (18දා) රාත්‍රී තරුණ තරුණියන් 6 දෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් වැඩිහිටි නිවසක් ඉදිරිපිට තිබෙන තාප්පයක ගැටීමෙන් හය දෙනාම බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව අලුබෝමුල්ල පොලිසිය පවසයි.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ තරුණියන් තිදෙනෙකු සහ තරුණයන් තිදෙනෙකි.
තුවාල ලැබූ පිරිස බණ්ඩාරගම දෙස සිට පානදුර දෙසට මෝටර් රථයෙන් යමින් සිටියදී මෝටර් රථය මාර්ගය හරහා ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් වැඩිහිටි නිවසක් ඉදිරිපිට තාප්පයක සහ ගේට්ටුවක ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අනතුරට පත් මෝටර් රථය තුළ කඩල බයිට් ආදිය තිබෙන බවත් මෙම පිරිස මත්පැන් සාදයකට සහභාගි වීමෙන් අනතුරුව ගමන් කලා ද ? යන්න නිශ්චිතව අනාවරණය වී නැතැයි ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලද පිරිස මුහුණ, කට , පාද ආදී තුවාල සිදුවීම හේතුවෙන් කිසිවකුගෙන් මෙතෙක් ප්‍රකාශ ලබාගැනීමට නොහැකි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අනතුරින් මෝටර් රථයට දැඩි අලාභානි සිදු වි ඇති අතර තාප්පයට සහ ගේට්ටුවට ද හානි සිදු වී ඇත.
තුවාල ලද පිරිස පානදුර උඩහමුල්ල පදිංචිකරුවන් වේ.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ / පානදුර සුමිත් පොතුපිටිය
