බිබිල පදියතලාව මාර්ගයේ පුවක්පැලේ පුදේශයේ දී ඊයේ සවස 6.45 ට පමණ මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් එහි ගමන් ගත් දහ නව හැවිරිදි තරුණයෙක් මිය ගොස් ඔහුගේ පියාට බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි බිබිල පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ පදියතලාව ඉහල වීදියේ පදිංචිව සිටි ඊ.එච්.එම්. සාලින්ද සිත්මිණ නැමැති දහ නව හැවිරිදි බිබිල වෙල්ලස්ස විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අයෙකි.
අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ බාහිර උපාධි උපකාරක පංති පවත්වන පුසිද්ධ දේශකයෙකි.
මෙම දෙදෙනා බිබිලෙන් පිටත්ව නිවෙස් බලා පැමිණෙමින් සිටියදී පුවක්පැලේ රක්ෂිත පුදේශයේ දී එක වරම වල් අලියෙකු මාර්ගයට පැන ඇති අතර එක් වරම රථය නවතා ගැනීමට නොහැකිව වාහනය මාර්ගයෙන් ඉවතට පැන බුළු ගසක හැපී ඇත. වල් අලි දෙදෙනෙකු ඒ අසල ගැවසීම නිසා තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට බිබිල පොලිසිය එනතුරු සිටීමට සිදූ වී ඇත.
බරපතල තුවාල ලැබූ පුද්ගලයා බිබිල රෝහලටත් අනතුරුව මොණරාගල සිරිගල රෝහලටත් පසුව වැඩිදුර පුතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
පදියතලාව - සී . වී . කුමාර